Trending Newsඑසැන පුවත්දේශීය

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ට එරෙහිව පැමිණිලි 100ක්

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න විසින් ශල්‍යකර්ම සිදුකිරීමෙන් අගතියට පත්වූ පුද්ගලයින් 100කගෙන් පමණ මේ වනවිට පැමිණිලි ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ඒ සම්බන්ධ යම් තොරතුරක් වෙත්නම් ක්ෂණික ඇමතුම් අංක 1954 ට හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනයට දැනුම්දිය හැකි බව අල්ලස් කොමිෂම පසුගියදා දැනුම් දුන්නේය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය, මහේෂී විජේරත්න මහත්මිය විසින් ස්නායු ශල්‍යකර්ම සිදුකිරීමේදී ඊට අවශ්‍ය ශල්‍ය උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීමෙන් රෝගීන්ට අලාභ සිදුකිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ මේ වන විට විමර්ශන පවත්වයි.

එලෙස ශල්‍යකර්මවල භාජනය වී අගතියට පත්වූ පුද්ගලයින්ගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති අතර අගතියට පත්වු පුද්ගලයින් ගැන හෝ එම අක්‍රමිකතාව ගැන තොරතුරු ඇත්නම් දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි.

විමර්ශනවල ප්‍රගතිය මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි  විජේරත්න ඇතුළු තුන් දෙනෙකු පසුගිය මස 17 වැනිදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොලඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

Related posts

North Korea suffers worst drought in decades

Mohamed Dilsad

களனி பல்கலைக்கழகம் தமது 60 ஆவது ஆண்டு நிறைவு விழாவை கொண்டாடுகிறது

Mohamed Dilsad

தேசிய கால்பந்தாட்ட குழாமிற்கான தெரிவு நடைமுறை அடுத்த வாரம்

Mohamed Dilsad

Leave a Comment