Trending Newsඑසැන පුවත්දේශීය

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝගයක්

නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දුරකථනයද විසන්ධි කර සිය නිවස අතහැර ගොස් ඇති බව අල්ලස් කොමිසම විසින් අද (11) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණද ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම එම ප්‍රකාශ ලබාදීම මගහරිමින් සිටින බවත් එම කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ චෝදනා කළේය.

රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට සඳහන් වෛද්‍ය වාර්තාවක් නීතිඥවරයෙකු මාර්ගයෙන් අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර එහි කිසිදු නීතිමය පිළිගැනීමක් දක්නට නොලැබෙන බවත් ඔවුන් සඳහන් කර සිටියේය.

රටින් බැහැරව සිටින බවට ඔහු ප්‍රකාශ කර තිබෙන බවත් විවිධ අසත්‍ය කරුණු දක්වමින් කොමිසම මගහරිමින් සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයන් ඉල්ලා සිටියේය.

සැකකරු ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා තිබේදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමෙන් මෙහිදී ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් සඳහන් කළේ එම ලේඛන අල්ලස් කොමිසමේ ගොනුවක් තුළ බහා ඇති බවය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දුන්නේ සැකකරුට වරෙන්තුවක් නිකුත් කිරීමට නම් ඊට අදාළ ලේඛන අධිකරණයේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවය. 

කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බවත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

එම බලතල උපයෝගී කරගනිමින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රත්වරයා අල්ලස් කොමිසමට නියම කරමින් සඳහන් කළේය.

Related posts

Commonwealth Secretary-General arrives in Sri Lanka

Mohamed Dilsad

Death Sentence for Kotakethana murders stayed

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறுதினத் தாக்குதல்கள்களை கண்டறியும் தெரிவுக்குழுவுக்கு 8 பேர் நியமனம்

Mohamed Dilsad

Leave a Comment