Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

සඳ ගැන අලුත් තොරතුරු කිහිපයක් අනාවරණය වෙයි

චීනයේ Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත අඳුරු ප්‍රදේශයේ සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම පර්යේෂණයන් හි ප්‍රගතිය මාධ්‍ය වෙත අනාවරණ කර තිබේ.

චන්ද්‍රයාගේ එම අඳුරු ප්‍රදේශ ආශ්‍රිත පරිණාමයේ ඉතිහාසය පිළිබඳ ඉඟි සැපයීමට ද මෙම පර්‍යේෂණ හරහා මුල්වරට හැකියාව ලැබී ඇති බව එහිදී දැනුම් දී ඇත. චීන විද්‍යා ඇකඩමිය ඊයේ (09) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව හෙළිව තිබේ.

Chang’e-6 මෙහෙයුම මගින් සඳෙහි ඈත ප්‍රදේශයේ සිට එකතු කරන ලද සාම්පල යොදා ගනිමින් චීන විද්‍යාඥයින් සිදු කරන ලද පර්යේෂණ මාලාවක් මේ සඳහා මූලික වී ඇත. එහිදී, චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල ගිනිකඳු ක්‍රියාකාරකම්, චුම්බක ක්ෂේත්‍රය, චන්ද්‍ර ප්‍රාවරණයෙහි ජල අන්තර්ගතය හා එහි භූ රසායනික ලක්ෂණ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ද අනාවරණ වන බව හෙළිව ඇති බවට වාර්තා වේ. ලොව ප්‍රකට Nature ජාත්‍යන්තර විද්‍යා සඟරාවෙහි ද මෙම අනාවරණ සම්බන්ධයෙන් පළ කර තිබේ.

Related posts

வர்த்தக ஈடுபாட்டு சுட்டெண் பட்டியலில் இலங்கை 11 இடங்கள் முன்னேற்றம்

Mohamed Dilsad

වීරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට

Mohamed Dilsad

Teachers and Principals on strike today

Mohamed Dilsad

Leave a Comment