Trending Newsඑසැන පුවත්ව්‍යාපාරික

ඇමෙරිකාවේ බද්දෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අහිතකර බලපෑම් – කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ අපනයනයට ඉතාමත් අහිතකර ලෙස බලපාන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සඳහන් කරයි.

ලංකාව තරගකාරී සැපයුම්කරුවන් වන වියට්නාමය වැනි රටවල් වලට අඩු තීරු බදු අනුපාත නම් කිරීම සහ ඇමරිකානු වෙළඳපළේ භාණ්ඩ මිල ඉහළ යාම මත ඇතිවන උද්ධමනකාරී තත්ත්වය මීට හේතුවනු ඇති බවද හෙතෙම කියා සිටී. “ලංකාවේ අපායනය කෙරෙහි මේ තත්ත්වය ඉතාමත් අහිතකර විදිහට බලපානවා කරුණු කීපයක් හේතුවෙන්.

පළවෙනි කාරණාව තමයි ලංකාව තරඟකාරීව අපයන කටයුතුවල නිරත රටවල් වලට ලංකාවට වඩා අඩු තිරුබදු ප්‍රතිසතයක් අය වූ දැනට මත් වෙලා තියෙන ආකාරයට වියට්නාමය වගේ රටවල් වලට අදාළව එවැනි තත්ත්වයක් ලංකාවේ භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම පහත හෙළීමට බලපානවා.

දෙවන කාරණාව තමයි මෙවැනි ඉහළ තීරු බද නැංවීම උඩ ඇමෙරිකානු වෙළඳ පළේ භාණ්ඩ මිල ඉහළ යෑමත් එක්ක ඒ හරහා ඇතිවෙන උද්ගමන තත්ත්වය පාරිභෝකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය පහළ යෑම හේතු කොටගෙන. එයත් ලංකාවේ රටවල් වල විශේෂයෙන්ම ඇඟළුම් වැනි භාණ්ඩ වලට තියෙන ඉල්ලුම පහතෑමට හේතු වෙනවා.

සමස්තයක් විදිහට ගත්තහම මේ තුළින් ප්‍රකාශ වෙන කාරණාව තමයි ලංකාවේ අපනයන කෙරෙහි අහිතකර තත්වයක් ඉදිරියේදී ඇතිවීමට නියමිතයි’

Related posts

New Sri Lankan contingent to leave for UN Peacekeeping in Lebanon

Mohamed Dilsad

1.4 Kg Heroin Found in Seenanveli Beach

Mohamed Dilsad

UK to provide GBP 49 million worth of support to develop infrastructure in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment