Trending Newsඑසැන පුවත්දේශීය

දේපොළ බද්දක් අලුතින් හඳුන්වා දෙයි

දේපොළ බද්දක් 2027 වර්ෂයේ සිට හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ පිළිබඳව දැනුම් දී තිබේ. මෙම නව දේපොළ බද්ද පැනවීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති අතර දත්ත එක්රැස් කිරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් පැවතිය ද සැප්තැම්බර් මාසය වන විට එම කටයුතු අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

දේපොළ වටිනාකම තක්සේරු කිරීම සහ බදු ගණනය කිරීම සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත අතර 2026 වර්ෂය අවසන් වීමට පෙර ඊට අදාළ දත්ත සියල්ල සකස් කර අවසන් කළ යුතු බව ද  අදාළ වාර්තාවේ සඳහන්ය.

2027 වර්ෂයයේ දී මෙම නව බද්ද බලාත්මක කිරීම සඳහා දේපොළ බදුකරණ ක්‍රම පිළිබඳ සමගාමී සාක්ච්ඡා අත්‍යාවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

A Special Committee to look into issues of internally displaced persons and resettled in Mannar District

Mohamed Dilsad

Gnanasara Thero sentenced to 6-months RI for threatening Sandya Eknaligoda

Mohamed Dilsad

නිරෝධායන රීති උල්ලංඝනය කළ 1,198ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment