Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්යය මණ්ඩල තොරතුරු දෙන්න බැහැ – ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජේ.පී.එච්.එම් කුමාරසිංහ

ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරින්ගේ නම් හෙළි කළ නොහැකි බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජේ.පී.එච්.එම් කුමාරසිංහ ලිඛිතව ප්‍රකාශ කර තිබේ.

සමාජ ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර මහතා තොරතුරු දැනගැනීමේ පනතින් කළ ඉල්ලීමකට අදාළව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී.පී.එච්.එම් කුමාරසිංහ මේ බව ලිඛිතව දන්වා තිබේ.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතින් ජනාධිපති මාධ්‍ය අංශයේ සියලු තනතුරු, ඒවාට පත්කළ අයගේ නම්, පත්වීම් දිනය, එක් එක් තනතුර සඳහා වන වැටුප යන තොරතුරු ලබා දෙන ලෙස අනුරුද්ධ බණ්ඩාර මහතා 2025 ජූනි 02 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙම ඉල්ලීම කර තිබිණ.

ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා සිදු කළ ලිඛිත දැනුම් දීමෙහි සඳහන් වන්නේ, ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ නම් පිළිබඳ තොරතුරු 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5 (1) (අ) වගන්තිය යටතේ ලබා දීමට නොහැකි බවයි.

5. 1 (අ) වගන්තිය

තොරතුරු ඉල්ලීමෙන් විමසා ඇති තොරතුරු ඉදිරිපත් කර ඇති අතර එහි සඳහන් වැටුප් පරිමාණයන් පිළිබඳ විස්තර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 මඟින් ලබා ගතහැකි බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් අනුරුද්ධ බණ්ඩාර මහතා පවසා ඇත්තේ තමා  විසින් සිදු කළ අභියාචනය පරිදි ඇතැම් තොරතුරු ලබාදීම මඟහරිමින් අක්‍රමවත් සහ සම්පූර්ණ නොවන තොරතුරු ලබාදී ඇති බවයි.

අදාළ ලිපිය

Related posts

විශ්වවිද්‍යාල සිසු සහ කාර්යය මණ්ඩලයට ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ නිවාඩුවක්

Editor O

හේමසිරිට සහ පූජිත්ට අධිකරණයෙන් ඇප නියම කෙරේ

Mohamed Dilsad

இராஜாங்க அமைச்சர் ஶ்ரீயானி பயணித்த வாகனம் விபத்து

Mohamed Dilsad

Leave a Comment