Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 82ක් මිය ගිහින්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ජලගැලීමෙන් සිදුවූ මරණ ගණන 82 ක් බවට මේ වන අනාවරණය වී ඇතැයි විදේස් මාධ්‍ය සඳහන් කරයි. ජලගැලීමට හසුව ගසාගෙන ගොස් අතුරුදන්වූ 40කට ආසන්න තවත් පිරිසක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

මධ්‍යම ටෙක්සාස් කලාපයට මෙම ජලගැලීම වාර්තාවූයේ ඒ ඔස්සේ ගලාබසින ග්වාඩලූපේ ගංගාව පිටාර ගැලීමත් සමඟිනි. එහිදී ගංගාව මිනිත්තු 45ක කාලයක් තුළ අඩි 26ක් ක්ෂණිකව ඉහළ ගොස් තිබුණි.

ගංගාවේ ජල මට්ටම ඉහළ යන අවස්ථාවේදී ගංගාව ආසන්නයේ මීටර් 150ක පමණ දුරකින් පවත්වාගෙන ගිය ගැහැණු ළමයින්ගේ නේවාසික කඳවුරක් මුළුමනින්ම වැනසී ගොස් තිබූ අතර, එහිදි ජලගැලීමට හසුවූ ගැහැණු ළමයින් ගණන 28කි.

ඔවුන්ගෙන් ගැහැණු ළමයින් දස දෙනෙකුගේ මළසිරුරු මේ වනවිට සොයාගෙන ඇති අතර, අතුරුදන් ඉතිරි පිරිස් සොයා මෙහෙයුමක් ද ක්‍රියාත්මකව පවතී.

මියගිය පිරිසට අමතරව තවත් 40කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා සිදුකරන මෙහෙයුම් ද අඛණ්ඩව ක්‍රියාත්මකය.

මේ අතර ඉදිරියේදීත් කලාපයට බලපෑ හැකි අයහපත් කාලගුණය හේතුවෙන් ජලගැලීම් අවදානම ඉහළ මට්ටමක පවතින බව කාලගුණ බලධාරීන් පවසයි.

Related posts

සතොස ඉන්දියානු බිත්තර මිලත් නගී

Mohamed Dilsad

என் வழி தனி வழி.. ஒரு விடியோவில் கிரிக்கெட் ரசிகர்களை கவர்ந்த யுவராஜ்

Mohamed Dilsad

කෝටියක හෙරොයින් සමඟ පුද්ගලයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment