Trending Newsඑසැන පුවත්දේශීය

බහාලුම් 323 නිදහස් කිරීමේ සිද්ධිය ගැන මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ බහලු‍ම් 323 නිදහස් කිරීමේ සිද්ධියට අදාළව පවත්වන ලද පරීක්ෂණයේ වාර්තාව අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ බලතල ඉක්මවා ක්‍රියා කර බහලු‍ම් මුදාහැර ඇති බව පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

ඒ සමඟ ඔහු විසින් අදාළ පරීක්ෂණ වාර්තාව ද සභාගත කරනු ලැබීය. එම වාර්තාව අනුව නිදහස් කරන ලද බහලු‍ම් සංඛ්‍යාව 323 ක් නොව 309 කි. එයින් බහලු‍ම් 151 ක් රතු ලේබල යටතේ ඉදිරිපත් වුවද එයින් 37 ක් විධිමත් නීතිමය ලෙස පරීක්ෂාවට ලක් නොකර නිදහස් කර ඇති බවද ඔහු සඳහන් කළේය. එම තීරණය ගැනීමට පෙර බහලු‍ම් 2 කලින්ම නිදහස් කර යවා ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

පවත්නා රේගු නීතිය අනුව රතු ලේබල් ගැසූ බහලුම් නිදහස් කළ යුත්තේ භෞතික පරීක්ෂාවකින් සහ ස්කෑන් පරීක්ෂාවකින් පසුව බවද අදාළ වාර්තාවේ සඳහන් වන බව වාර්තා වේ.

මූලාශ්‍රය – දේශය

Related posts

උපාධිධාරී අභ්‍යාසලාභීන් අද වාර්තා කළ යුතු නොවේ [LETTER]

Mohamed Dilsad

உங்கள் அழகை பாதுகாக்க சில டிப்ஸ்…

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂක මනාප අංක නිකුත් කරයි

Editor O

Leave a Comment