දේශීය

උපාධිධාරී අභ්‍යාසලාභීන් අද වාර්තා කළ යුතු නොවේ [LETTER]

(UTV |කොළඹ ) – රජය රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන්ට පවතින ඇදිරී නිති තත්වය හමුවේ අද (30) දිනයේදී සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වලට වාර්තා කළ යුතු නැතැයි දැනුම් දී තිබේ.රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඒ පිළිබද කටයුතු සිදුකෙරෙන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බවයි සදහන් කරයි.

මේ වනවිට රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් කොරෝනා වෛරස මර්දන රාජකාරීවලට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වලට අනුයුක්ත කිරීමට තීරණය කර තිබේ.

රජය විසින් මින් පෙර දැනට ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට සේවය සදහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම පවත්නා තත්වය සැලකිල්ලට ගෙන මැයි මාසය දක්වා ප්‍රමාද කිරීමට තීරණය කළේය.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයයේ ඉල්ලිම පරිදි කොරෝනා වෛරස රෝග තත්ව පාලනයේදී අදාල පිරිස්වල සහය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වෙත ලබාදීමට හැකිවනු පිණිස රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් ඒ සදහා අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.

Related posts

ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල වෙළෙඳසැල් සහ ඖෂධහල් හෙට විවෘතයි

Mohamed Dilsad

දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද

Mohamed Dilsad

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment