Trending Newsඑසැන පුවත්දේශීය

ගිං ගගේ ජල ගැලුම් පාලනයට විද්‍යාත්මක විසඳුම් දෙන්න යයි

වාර්ෂිකව ගිංගඟ ආශ්‍රිතව ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් විද්‍යාත්මක වැඩපිලිවෙලක් සම්පාදනය කිරීමට තීරණය කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර ඇත්තේ අදියර කිහිපයක් යටතේ එම වැඩපිළිවෙල සම්පාදනය කිරීමටය.

ගිංගඟ ආශ්‍රිතව ඇති වන ගංවතුර තත්ත්වය ගාල්ල දිස්ත්‍රික්කයේ බරපතල ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන ඇත. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසන්නේ වසරකට දෙවරක් ඇති වන මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් වාර්ෂිකව පීඩාවට පත්වන පුද්ගලයින් ගණන ලක්ෂ දෙක ඉක්මවන බවයි. එමෙන්ම මෙම බලපෑමෙන් සිදුවන ආර්ථික බලපෑම අති විශාල අතර, පසුගිය වැසි කාලයේදී පමණක් සිදුව ඇති අලාභය රුපියල් දෙකෝටිය ඉක්මවයි.

නෙළුව, තවලම, නාගොඩ, වැලිවිටිය, බද්දේගම, ඇල්පිටිය ඇතුළු ප්‍රදේශ රැසක පහත්බිම්වලට ඇතිවන බලපෑම පාලනය කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් වුවද ඒ වෙනුවෙන් මේ දක්වා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූයේ නැත.

මෙම ගැටළුවට ස්ථිර විසදුමක් ලබාදීම වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

වාරිමාර්ග, ආපදා කළමනාකරණ, භූ විද්‍යා හා පතල් කැණීම්, පරිසර ඇතුළු ආයතන රැසක සහභාගීත්වයෙන් පැවැති එම සාකච්ඡාවේදී කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් අදියර කිහිපයක් යටතේ ගිංගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනය කිරීමට තීරණ විය.

Related posts

අදත් ආසාදිතයින් 251 දෙනෙකු හමුවෙයි

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා මරණ 8 ක් [RELEASE]

Mohamed Dilsad

Deputy Ministers reshuffled

Mohamed Dilsad

Leave a Comment