Trending Newsඑසැන පුවත්දේශීය

තිරප්පනේ නොසන්සුන්.. පොලිසිය හමුදාව කැඳවයි..

තිරප්පනේ, මුරියාකඩවල, බමුණුගම ගම්මානයේ, පල්ලියකට හානි කර මාර්ගයක් ඉදිකිරීමට යන බවට පැතිර ගිය කටකතාවක් හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. මෙනිසා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය කැඳවීමට සිදු විය.

මෙම තත්වය හටගත්තේ, බමුණුගම මුස්ලිම් ගම්මානයේ පිහිටි මුස්ලිම් පල්ලියක් කඩා, ගම්මානයේ නිවාස රැසකට පිවිසීමට මාර්ගයක් සකසන බවට, පිරිසක් විසින් සිදුකල නිසයි.

කෙසේ වෙතත්, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන්, ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් සහ ගැටුමට සම්බන්ධ පාර්ශව දෙක සාකච්ඡා කර ගැටලුව සමථයකට පත් කර තිබේ.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය, ප්‍රධාන ඉඩම් නිලධාරියා, තිරප්පනේ ප්‍රාදේශීය සභා ලේකම්වරයා, වසම භාර ග්‍රාම නිලධාරිනිය සහ කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ සහභාගීත්වයෙන් ගම්වාසීන්ට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව අදාළ මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

තත්ත්වය පාලනය කිරීම සඳහා මොරගොඩ, තිරප්පනේ, අනුරාධපුර, සිවලාකුලම, කැකිරාව, මරදන්කඩවල ඇතුළු පොලිස් ස්ථාන රැසක නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බමුණුගම ගම්මානයට කැඳවා තිබින.

Related posts

රිය අනතුරකින් අලි පැටියෙක් ජීවිතක්ෂයට

Editor O

රිෂාඩ් සහ සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම මුෂාරෆ් දැඩිව හෙළා දකී

Mohamed Dilsad

முதல் நாள் முடிவில் 203 ஓட்டங்களை பெற்றது நியூஸிலாந்து

Mohamed Dilsad

Leave a Comment