දේශීය

රිෂාඩ් සහ සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම මුෂාරෆ් දැඩිව හෙළා දකී

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම් මුෂාරෆ් රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ගේ අත්අඩංගුවට ගැනීම් දැඩිව හෙළා දැක තිබේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා පසුගිය සෙනසුරාදා (24) අලුයම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ට්විටර් සටහනක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂාරෆ් කියා සිටියේ , “එක් අහිංසක පුද්ගලයෙකු සිරගතව දුක් විඳිනවාට වඩා වැරදිකරුවන් 100 දෙනෙකු පැන යාම යහපත් ” යනුවෙනි.

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීමේ චෝදනා මත පසුගිය දිනක රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලබන අතර දින 90 ක් රඳවා තබා ගැනීමට අවසර ලබා දී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන්ගේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසකින් දැඩි විරෝධතාවයන් එල්ල වෙමින් පවතියි.

Related posts

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

Mohamed Dilsad

කයිතන්ගේ සීනි කෑම…. : පෙර වසරට සාපේක්ෂව සීනි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් වැඩිපුර ආනයනය කරලා

Editor O

ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment