Trending Newsඑසැන පුවත්දේශීය

ගතවූ මාස 06 ට වෙඩි තැබීම් 62 ක් : 34 ක් මරුට

ගෙවුණු මාස 06ට රට තුළ වෙඩි තැබීමේ සිදුවීම් 62ක් වාර්තා වී තිබේ. එම වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 34කි.

එම වෙඩි තැබීම් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කළ වෙඩි තැබීම් 44ක් වාර්තා වන බවත් පොලිස් කොට්ඨාස කාර්‍යාලය සඳහන් කරයි.

පාතාල කල්ලි සාමාජිකයින් තැබූ එම වෙඩි තැබීම් 44න් පුද්ගලයින් 42 දෙදෙනකු මියගොස් තිබේ. මේ අතර ඊයේ (03) දිනය අවසන් වන විට දිවයින පුරා වෙඩි තැබීම් තුනක් සිදු වී තිබේ.

ඉන් පළමු වැන්න කඳාන පොලිසිය ඉදිරිපිට දී සිදු වූ අතර එහිදී මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකුට එම වෙඩි ප්‍රහාරය ඒල්ලවී තිබේ. එහිදී ඉලක්කය වී තිබුණේ කලක් හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම් යැයි සැලකෙන සමීර මනෝහර නැතහොත් වැලි සමීර නමැත්තායි.

නමුත් වෙඩි ප්‍රහාරයෙන් සමීර නමැත්තා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කෙරුණ ද, ඔහුගේ මස්සිනා නමැත්තා ජීවිතක්ෂයට විය.

ඉන් පසුව දෙවැනි වෙඩි ප්‍රහාරය වාර්තා වූයේ මීගමුව – දුන්ගල්පිටිය පොලිස් වසමෙන්.

ලෙල්ලම පොලිස් මාර්ග බාධකය අසල දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කරන බවට ලද ඔත්තුවක් මත පොලිසිය විසින් යතුරුපැදියක් නවත්වන ලෙසට අණ කර තිබෙනවා.

නමුත් පොලිස් අණ නොතකා ඔවුන් ඉදිරියට ධාවනය කරන අතර පොලිසිය විසින් දණහිසෙන් පහළට වෙඩි තැබීමක් සිදු කර ඇති බවත්, යතුරුපැදිය ඉදිරියෙන් ආ ලොරි රථයක ද ගැටී නතර වී තිබෙනවා.

තුවාල ලැබූ එක් අයෙක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් තැනැත්තා පොලිස් අත් අඩංගුවට ගැනුණා.

තත්ත්වය එසේ පවතිද්දී ඊයේ රාත්‍රියේ දී රාගම බටුවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු වූ අතර ගනේමුල්ල සංජීවගේ හිතවතෙකු ලෙස සැලකෙන ආමි උපුල් නමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.

Related posts

සැකකටයුතු පොල් තෙල් කන්ටේනරයක් දඹුල්ලෙන් සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

‘State actor’ behind UAE tanker attacks

Mohamed Dilsad

වර්ජනයේ නිරත උද්දච්ච දුම්රිය සේවකයෝ රැකියාවෙන් නෙරපයි.

Editor O

Leave a Comment