Trending Newsඑසැන පුවත්දේශීය

බස් ගාස්තුව දැනෙන්නම අඩු කරයි

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවය.

කෙසේ වෙතත් අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එළැඹෙන ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක බවද එම කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

Related posts

අත්‍යාවශ්‍ය සේවා නියෝගවලට යටත් වෙන්නේ නැහැ – විදුලි සේවකයන් කියයි

Mohamed Dilsad

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

திரையரங்கம், வீதியோர டிஜிட்டல் விளம்பர திரைகளில் தேர்தல் விளம்பரங்களுக்கு தடை

Mohamed Dilsad

Leave a Comment