Trending Newsඑසැන පුවත්දේශීය

බස් ගාස්තුව දැනෙන්නම අඩු කරයි

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවය.

කෙසේ වෙතත් අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එළැඹෙන ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක බවද එම කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

Related posts

කිණිතුල්ලන් මගින් මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හමුවෙයි.

Editor O

හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයිනුත්

Mohamed Dilsad

பதுளை சம்பவம்-மாணவியை கர்ப்பமாக்கிய சந்தேகநபர் கைது

Mohamed Dilsad

Leave a Comment