Trending Newsඑසැන පුවත්දේශීය

මල්වතු මහානායක හිමිගෙන්, ශිරන්ති රාජපක්ෂට අදාළව නිවේදනයක්

ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහානායක හිමිගෙන් ඉල්ලීමක් කර ඇතැයි සමාජ මාධ්‍යයන්හි පළ වන පුවත සාවද්‍ය සහ පදනම් විරහිත එකක් යයි මල්වතු මහා විහාරය පවසයි.

මහානායක හිමියන් වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මල්වතු මහා විහාරයේ උපලේඛකාධිකාරී මහවෙල රතනපාල ස්ථවිරයන් විසිනි.

අදාළ නිවේදනය මෙසේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් මහානායක මාහිමිපාණන් වහන්සේගෙන් සිදු කරන ලද ඉල්ලීමක් යැයි ප්‍රචාරය වන සාවද්‍ය පුවත සම්බන්ධවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට වත්මන් ජනාධිපතිතුමන් වෙත බලපෑම් කරන ලෙස මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන ලද බවට සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වන පුවත සාවද්‍ය හා පදනම් විරහිත පුවතක් බව ශ්‍රීමත් මහානායක මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් හා නියමය මතදැනුම් දෙනු කැමැත්තෙමි.

එවැනි හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති අතර මෙවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැළඹීක් ඇති කිරීමට උත්සහ දරන පුද්ගලයන් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේ දී නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත් වැඩි දුරටත් දන්වා සිටිනු කැමැත්තෙමි.

මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි
මහවෙල රතනපාල ස්‌ථවිර,
උපලේඛකාධිකාරී,
මල්වතු මහා විහාරය,
මහනුවර.

Related posts

இலங்கை தொடர்பில் முன்வைக்கப்பட்ட பிரேரணை வாக்கெடுப்பின்றி நிறைவேற்றம்

Mohamed Dilsad

අයහපත් කාලගුණය දිස්ත්‍රික්ක 8 කට බලපෑම් එල්ල කරයි

Mohamed Dilsad

Shop in Nugegoda damaged by fire

Mohamed Dilsad

Leave a Comment