Trending Newsඑසැන පුවත්දේශීය

අසාර්ථක මාලිමා ආණ්ඩුව මං මුලාවී, අසත්‍ය තොරතුරු සමාජගත කරමින් ඉන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

වත්මන් ආණ්ඩුව බලයට පත් වී පළමු වසර තුළ දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්වී දැන් තම අසාර්ථකත්වයන් වසා ගැනීමට මංමුලා වූවන් ලෙස අසත්‍ය ප්‍රචාරය කරමින් එය වසා ගැනීමේ උත්සාහයක නියැලී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.  

ඔහු පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මහානායක හිමිවරුන්ගේ සහාය පතන බවට අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීමට තරම් ජාතික ජන බලවේග ආණ්ඩුව පහතට වැටී බවයි.  මෙය ගරුතර මහා සංඝ රත්නයට සිදු කෙරෙන බරපතල අගෞරවයක් බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙය හිටපු ජනාධිපතිවරයාට එල්ල කරන ලද මඩ ප්‍රචාරයක්  පමණක් නොව, ගෞවරණීය ආගමික නායකයින් දේශපාලන මඩ ගැසීම්වලට ඇද දැමීමට දරන නින්දිත උත්සාහයක් බව ඔහු පෙන්වාදෙනවා.

මීට පෙර අවස්ථාවකදීද ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගරු විනිශ්චයකාරවරුන් සහ අධිකරණය ඉළක්ක කරගනිමින්ද මෙවැනිම මඩ ප්‍රචාරයක් ආණ්ඩුවේ අනු දැනුමින් ක්‍රියාත්මක වූ බවට පවසමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, එවැනි ක්‍රියා දැඩි ලෙස හෙළා දැකිය යුතු බවයි.

ඔවුන් ඉළක්ක කරගනිමින් සිදු කරන මෙම ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බවත් පවුලේ සාමාජිකයන් මේ සඳහා ව්‍යාජ ලෙස පටලවා ගැනීමට ආණ්ඩුව විසින් පොලිසිය සහ අධිකරණය පවා දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තම පවුලේ සාමාජිකයින් සහ තමන් නිරන්තරයෙන් දේශපාලනික වශයෙන් පරීක්ෂණවලට බියෙන් තොරව මුහුණ දී ඇති බවට පැවසූ නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා විශේෂ සැලකිල්ලක් හෝ අනුග්‍රහයක් අපේක්ෂා නොකරන බවත් රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි ඔවුන්ගේ පූර්ණ විශ්වාසය තබා සිටින බවද කීවේය.

Related posts

Navy nabs a person with a haul of illegal foreign cigarettes

Mohamed Dilsad

08 වැනි පාර්ලිමේන්තුවේ සභාවාරය අදින් අවසන්

Mohamed Dilsad

Retired Colonel arrested over Avant Garde floating armoury remanded [UPDATE]

Mohamed Dilsad

Leave a Comment