Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ට නව නිලධාරීන් පත් වෙති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළි තේරී පත්ව තිබේ. එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පත්ව ඇත. ඒ ඊයේ (28) පැවැති එම සංගමයේ වාර්ෂික නිලවරණයේදීය.

එහිදී ඡන්ද 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔවුන් නැවතත් එම තනතුරුවලට පත්ව තිබේ. මෙම මැතිවරණයේදී වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස එක් පාර්ශ්වයක් නියෝජනය කළ අතර අනෙක් පාර්ශ්වය ලෙස දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ පාර්ශ්වය තරග වැදුණි.

ඒ අනුව පැවැති මැතිවරණයෙන් දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ පාර්ශ්වය පරාජයට පත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නැවත බලය තහවුරු කර ගැනීමට වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පාර්ශ්වය සමත් විය.

Related posts

மின்சார ஊழியர்கள் இருவர் மீது தாக்குதல்

Mohamed Dilsad

කුරුණෑගල නගරාධිපතිට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

ඉන්දියානු සමාගමකට දුන් ව්‍යාපෘතිය ගැන ඇමති බන්දුල වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment