Trending Newsඑසැන පුවත්දේශීය

චෝදනාවලට බයේ ලොක්කෝ පිරිසක් රටින් පනී…?

විවිධ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 18 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. මෙම විමර්ශන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ද විසින් සිදු කරයි.

දූෂණ චෝදනා එල්ල වූ රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙකු මේ වන විට විදේශගතව සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අවශ්‍ය අවස්ථාවලදී මෙම නිලධාරීන් මෙරටට ගෙන්වා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව එම ආරංචි මාර්ග තවදුරටත් පැවසුවේය.

දේශපාලනඥයන්ට දූෂණ සහ අක්‍රමිකතා සිදු කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන මෙම රාජ්‍ය නිලධාරීන් ද එම අක්‍රමිකතාවලින් වාසි ලබාගෙන ඇති බව විමර්ශන කණ්ඩායම් පවසයි. කෝටි ගණන් වටිනා ඉඩම්, වාහන ඇතුළු දේපළ මිලදී ගෙන ඇති නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබඳව ද තොරතුරු අනාවරණය වී තිබේ.

විමර්ශන කණ්ඩායම් මේ දිනවල මෙම නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් සිටියි.

බාල බෙහෙත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ වත්කම් සම්බන්ධයෙන් ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

Related posts

Anushka not replacing Deepika in Aanand Rai’s next with Shah Rukh and Katrina

Mohamed Dilsad

රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනවලට උපයන විට බද්ද ගෙවීම අත්හිටුවමින් චක්‍රලේඛයක්

Mohamed Dilsad

Public facing issues due to election delay -UPFA

Mohamed Dilsad

Leave a Comment