Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවල බලය ලැබුණු හැටි….

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව බහුතර බලය නොමැති වූ පළාත් පාලන ආයතන 59ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට හැකිවී තිබේ.

ඒ අනුව, ජාතික ජනබලවේගය විසින් මේ වන විට  පළාත් පාලන ආයතන 216ක බලය තහවුරු  කර ගෙන ඇති අතර සමගි ජන බලවේගය බලය පිහිටුවා ඇති අයෙතනන සංඛ්‍යාව 31කි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමස්තයක් ලෙස පළාත් පාලන ආයතන 4ක බලය පිහිටුවා ඇති අතර එක්සත් ජාතික පක්ෂය මදුරාවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර තිබූ අතර ඒ අනුව එක්  පළාත් පාලන ආයතනයක බලය හිමිකරගෙන තිබේ.

 එමෙන්ම ඉලංකෙයි තමිල් අරසු කච්චි 19ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 4ක්, ලංකා කම්කරු කොංග්‍රසය 3ක්, පොදුජන එක්සත් පෙරමුණ 2ක් සහ වෙනත් පක්ෂ 16 ක් වශයෙන් සමස්තයක් ලෙස පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ඇත.

 මත ගැටුම් සහ අධිකරණ හේතූන් මත ඡන්ද විමසීම් කල් ගිය පළාත් පාලන ආයතන සංඛ්‍යාව 8කි.

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගත්තේ ජාතික ජන බලවේගයට වන අතර එම පක්ෂයේ බී ඒ ලලිත් කුමාර මහතා සභාපති ලෙස තේරී පත්විය. හැටන් දික්ඔය නගර සභාවේ ද බලය හිමිවුණේ ජාතික ජනබලවේගයටයි.

එහි නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අශෝක කරුණාරත්න මහතා පත්විය. නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා.  සභාපති ධුරයට පත්වුණේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාය.

මේ අතර, පුත්තලම මහ නගර සභාවේ නගරාධිපති සහ උප නගරාධිපති පත් කිරීමේ දී ලබාදුන් උපදෙස් මත කටයුතු නොකිරීම හේතුවෙන් එන් එම් එන් නුස්කි සභිකයාගේ පක්ෂ සාමාජිකත්වය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව සමගි ජන බලවේගය සඳහන් කළේය.

පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කටයුතු නොකිරීම ඔහුට එරෙහි චෝදනාවයි.

Related posts

St. Anne’s, Tissa Central, Vidyartha win matches

Mohamed Dilsad

One killed in shooting at Mirijjawila

Mohamed Dilsad

රඹුක්කන සිද්ධියේ 33ක් ICU, 33 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර

Mohamed Dilsad

Leave a Comment