දේශීය

රඹුක්කන සිද්ධියේ 33ක් ICU, 33 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර

(UTV | කොළඹ) – රඹුක්කන ප්‍රදේශයේ ඇතිවූ විරෝධතාව හේතුවෙන් තුවාල ලැබූ 33 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඉන් කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන සිවිල් වැසියන් ගණන 13ක්.

එයින් තුන්දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි කෑගල්ල රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය තහවුරු කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් 20 දෙනෙකු අද අලූයම වන විට කෑගල්ල රෝහලට රැගෙන විත් තිබුණා.

ඉන් 14 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යැවූ බවයි කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂකවරිය සදහන් කළේ.

මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

Related posts

බස් රථ මිලදී ගැනීමට සහන පොලියක් යටතේ ණයක්

Mohamed Dilsad

පාසල් විවෘත කිරීමට දින නියම කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන්ට ඒකමතික අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment