Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම ඇරඹේ

ධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වනවා. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ අද (26) සිට ජුලි මස 21 වනදා දක්වා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත් කැඳවන බවයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි. පෞද්ගලික අයදුම්කරුවන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමට තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කළ යුතුය.

ඊට අදාළ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා තිබේ. 2025 ජුලි මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් ඉදිරිපත් කළ නොහැකි අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මස 10 වනදා සිට දෙසාම්බර් මස 05 වනද දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Related posts

கண்டி அசம்பாவிதங்கள் – பிரதான சந்தேக நபருடன் மேலும் 9 பேர் கைது

Mohamed Dilsad

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

Gregory Lake splashed by Jet Ski riders

Mohamed Dilsad

Leave a Comment