Trending Newsඑසැන පුවත්දේශීය

විද්‍යාපීඨ කථිකාචාර්යවරු අද – හෙට ලෙඩවෙලා

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ,ගුරු විද්‍යාල සහ ගුරු සංවර්ධන මධ්‍යස්ථාවල කථිකාචාර්යවරු අද ( 26 ) සහ හෙට ( 27 ) අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළෙති.

අධ්‍යාපන විද්‍යාපීඨ දහනවයක, ගුරු විද්‍යාල අටක සහ ගුරු සංවර්ධන මධ්‍යස්ථාන එකසිය දොළහක කථිකාචාර්යවරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් එස්.එම්. පී. බණ්ඩාර පැවසීය.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සමග සාකච්ඡා කළ නමුත් පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බව ද ලේකම්වරයා කීවේය. මේ නිසා කලින් තීරණය කර තිබූ පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවත් සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ඉදිරියේ දී අඛණ්ඩ වර්ජනයකට යාමට සංගමය තීරණය කර තිබෙන බවත් ඒ මහතා කීවේය.

-අරුණ-

Related posts

கடமைகளை பொறுப்பேற்றார் கிழக்கு மாகாண ஆளுனர்

Mohamed Dilsad

Karu to visit flood victims in North today

Mohamed Dilsad

Chennai reservoirs run dry

Mohamed Dilsad

Leave a Comment