Trending Newsඑසැන පුවත්දේශීය

ඩෙංගු රෝගීන් 27,900ක්

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 27,900කට අධික පිරිසක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 111ක් ආවරණය වනපරිදි මදුරු මර්දන සතියක් එළඹෙන 30 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසුවේ.

මදුරුවන් බෝවිය හැකි බවට අනුමාන කෙරෙන ස්ථාන එක් ලක්ෂ 69,000 කට අධික ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ මගින් මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ නිරීක්‍ෂණය කර තිබෙනවා.

නිවාස එක් ලක්ෂ 67,081ක් ඒ අතරට අයත්. එම නිවාස අතරින් සියයට 23කින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

India’s Congress Party and Premier discuss maritime issues

Mohamed Dilsad

“We have faith in judiciary, rule of law,” Rishad Bathiudeen says [VIDEO]

Mohamed Dilsad

ஆடைத்தொழிற்சாலையில் பணிபுரியும் 7 ​பெண்கள் விபத்தில் படுகாயம்

Mohamed Dilsad

Leave a Comment