Trending Newsඑසැන පුවත්දේශීය

නාවලපිටිය නගර සභාවේ සභාපති ධූරය ස්වාධීන කණ්ඩායමකට

නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී. කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (25) උදෑසන 09ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විය.

එම නගර සභාවේ නව සභාපති වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරිපත්වූ එම නගර සභාවේ හිටපු සභාපති අමල් ප්‍රියංකර මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරී පත්විණ.

උප සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ තේරී පත්වූ කේ. සුරේස්වරන් මහතා ඡන්ද 09ක් ගත් අතර ජාතික ජන බලවේගයෙන් සභාපති ලෙස තිලක් අමරසිරි සිරිසේන මහතා සහ උප සභාපති ලෙස හේවගේ ප්‍රසන්න යෝජනා විය. ඔවුන් දෙදෙනම පැවැති විවෘත ඡන්දයෙන් ඡන්ද 05 බැගින් ලබාගෙන තිබුණි.

Related posts

இசை நிகழ்ச்சி நிதியை கஜா புயல் நிவாரணத்திற்கு வழங்குவேன்- ஏ.ஆர்.ரஹ்மான்

Mohamed Dilsad

போலி நாணயத்தாள்களை அச்சிட்ட இருவர் கைது

Mohamed Dilsad

මාන්කුලම්වලින් මතු වු වසර 20ක් පැරණි අස්ථි කොටස්

Mohamed Dilsad

Leave a Comment