Trending Newsඑසැන පුවත්දේශීය

බෝරා සමුළුව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම සමුළුව අද සහ ලබන 27 සිට ජුලි 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා බෝරා ආගම අදහන බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බැවින් මෙම දිනවල පෙරවරු 7:00 සිට රාත්‍රී 10:00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය දැනුම්දෙයි.

එමෙන්ම ලබන 27 වන දින සිට ජුලි 05 වන දින දක්වා පෙරවරු 07:00 සිට පෙරවරු 11:30 දක්වා සහ පස්වරු 03:00 සිට රාත්‍රී 10:00 දක්වා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයේදී බෝරා සමුළුව පැවැත්වෙයි.

පොලීසිය දැනුම්දෙන්නේ එම දිනවලදී වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කරනු ලබන බවය.

බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරමින් ගාලු පාරෙන් ග්ලේන් ආබර් පෙදෙසට ඇතුළුවී මුහුදුබඩ මාර්ගයට ගමන් කළ හැකි බවද පොලීසිය දැනුම්දෙයි. බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුළු වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරෙනු ඇත

Related posts

කොවිඩ්-19 ආසාදිතයින් 2,400 කට වඩා සුවයට

Mohamed Dilsad

மஹிந்த ராஜபக்ஷவுக்கு எதிரான மனு டிசம்பர் 03ம் திகதிக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

வெள்ளப்பெருக்கினால் அனர்த்தங்களுக்கு உள்ளான மக்களுக்கான நிவாரணம் தொடர்பில் கண்டறிய ஜனாதிபதி சிலாபம் விஜயம்

Mohamed Dilsad

Leave a Comment