Trending Newsඑසැන පුවත්දේශීය

ගුරු වැටුප් ප්‍රමාදය ගැන වහා සොයා බලන්න – ගුරු සංගමයෙන් ඉල්ලීමක්

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ප්‍රමාද වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. වැටුප් ප්‍රමාද වීම් පිළිබඳව තම සංගමයට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කළ බව ලංකා ගුරු සංගමය පවසයි.

සෑම මසකම 20 වැනිදා වැටුප් දිනය වුවද, පසුගිය මාසයේ මෙන්ම මේ මාසයේද ගුරු හා විදුහල්පති විශාල පිරිසකට වැටුප් නොලැබුණු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

වැටුප් ප්‍රමාදය හේතුවෙන් අදාළ පිරිස දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. නියමිත දිනට පෙර බැංකු වෙත අරමුදල් මුදා නොහැරීම මෙම ප්‍රමාදයට හේතුව විය හැකි බව ස්ටාලින් මහතා පෙන්වා දෙයි.

එසේම, රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් එවැනි ක්‍රියාවලියක් සිදුවී ඇත්දැයි සොයා බැලිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය. මාස දෙකක් පුරා වැටුප් ප්‍රමාද වීම බරපතළ ගැටලුවක් බවද ඔහු කියා සිටියේය.

මේ අතර සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසන්නේ ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වැටුප අද දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.

සෑම මසකම 20 වැනි දින ගුරුවරුන්ගේ මාසික වැටුප ලබාදීම සිදුවුව ද ජුනි මාසයේ වැටුප මෙතෙක් ලැබී නොමැති බව එහි සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි සඳහන් කළහ.

Related posts

இலங்கை – ரஷ்ய ஜனாதிபதிகளுக்கு இடையிலான சந்திப்பு இன்று

Mohamed Dilsad

සජින් වාස්ට ඇප

Editor O

Upper Kotmale Reservoir Spill Gate Opened, Residents to Be Vigilant

Mohamed Dilsad

Leave a Comment