Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ මාසික කෑම බිල අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය

මෑතකදී වැඩි කෙරුණු පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මාසික කෑම බිල අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ (20)  තීරණය කර තිබේ. මේ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ රුපියල් හාරදහසක මාසික කෑම බීල රුපියල් තුන්දහසක් දක්වාද සාමාන්‍ය සේවකයන්ගේ රුපියල් 2500 කෑම බිල රුපියල් 2000 දක්වාද  අඩු කිරීමට කටයුතු කර ඇත.

පාර්ලිමේන්තු නිලධාරීන් සහ සේවකයන්ගේ කෑම බිල  මෑත භාගයේදී සංශෝධනය කෙරුණු තුන්වෙනි අවස්ථාව මෙය ලෙස සැලකේ. නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ඉල්ලීම අනුව එම මිල ගණන් මෙසේ අඩු කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සියලු දීමනා කප්පාදු කර ඇති තත්වය යටතේ පාර්ලිමේන්තුවේ මාසික කෑම බිල දරාගත නොහැකි බව පවසමින්  එහි සේවකයෝ  පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිපියක් බාර දෙමින් පසුගියදා දැනුම් දුන්හ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික කෑම බිලද පසුගියදා වැඩි කෙරිණ.

Related posts

மாகாண சபை தேர்தல் ஜனவரியில்-மகிந்த தேசப்பிரிய

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Editor O

බස් ගාස්තුවත් වැඩි වෙයිද?

Mohamed Dilsad

Leave a Comment