Trending Newsඑසැන පුවත්දේශීය

කථානායකට එරෙහිව, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විපක්ෂය සූදානම්

කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සහ අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත පැමිණිලි කිරීමට විපක්ෂයේ දේශපාලන පක්‍ෂ අතර එකඟතාවයක් ඇති වූ බව විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා අද (17) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

පාර්ලිමේන්තුවේ අද (17) උදෑසන ඇති වූ තත්ත්වය සහ අද දිනයේ විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති පාර්ලිමේන්තු සම්ප්‍රදාය,වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයේ පැවති කිසිදු අංගයන් කෙරෙහි අවධානයක් යොමු නොකර කථානායකවරයා සිදු කරන මෙම ක්‍රියාවලිය දැඩි ලෙස තමන් හෙලා දකින බවද මන්ත්‍රීවරයා පැවසීය.

දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කමිටුවක් පත් කළ කතානායකවරයා,සභානායක අමාත්‍ය බිමල් රත්නායක පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදු කරන ලද පැමිණිල්ල පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හරහා කථානායකවරයා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දෙයාකාරයකට සලකන බව මනාව පැහැදිලි වන බවයි.

Related posts

சிவனேசத்துரை சந்திரகாந்தனின் விளக்கமறியல் காலம் நீடிப்பு

Mohamed Dilsad

GMOA suspend strike following talks with President

Mohamed Dilsad

Navy assists to apprehend 27 persons engaged in illegal acts

Mohamed Dilsad

Leave a Comment