Trending Newsඑසැන පුවත්දේශීය

සාරංගිකාගේ කොළඹ සෙල්ලම සීතාවකදී ගැස්සෙයි… සභාපති පත් කිරීම දින නියමයක් නැතිව කල් යයි….

සීතාවක ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම අද (17) සිදු නොවූ අතර, එය දින නියමයක් නොමැතිව කල් තැබීමට සිදුවිය. අද (17) දින බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ආරම්භ විය.

එහිදී, ඡන්දය රහස් ඡන්දයක් ලෙස පවත්වනවාද නැතහොත් විවෘත ඡන්දයක් ලෙස පවත්වනවාද යන්න පිළිබඳව යෝජනා දෙකක් ඉදිරිපත් විය. මෙම තීරණය ගැනීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින්, ඇය ඡන්දය රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමට තීරණය කළාය.

මෙම තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24 දෙනෙකු සභා ගර්භයෙන් පිටව ගියහ. මෙහි ප්‍රතිඵළයක් ලෙස සභාවේ ඝන පූර්ණය නොමැති වූ බැවින්, කොමසාරිස්වරිය සභාව විනාඩි 30කට කල් තැබුවාය. කෙසේ වෙතත්, පසුව ඇති වූ තත්ත්වය මත, සීතාවක ප්‍රාදේශීය සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් තැබීමට සිදුවිය. එම නිසා, අද දින සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කිරීමේ කටයුතු සිදු නොවීය

Related posts

Man found shot dead inside Kataragama holiday resort

Mohamed Dilsad

Wennappuwa PS member re-remanded

Mohamed Dilsad

Two arrested with heroin worth Rs.12.7 million

Mohamed Dilsad

Leave a Comment