Trending Newsඑසැන පුවත්දේශීය

බලයට පැමිණීමට පෙර රහස් ඡන්දයට විරුද්ධ වූ ජ.වි.පෙ. කොළඹ පුරපති තෝරන්න රහස් ඡන්දයක් ඉල්ලීම විහිළුවක් – පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

බලයට පැමිණීමට පෙර රහස් ඡන්දවලට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති පත් කිරීමට රහස් ඡන්දයක් පැවැත්විය යුතු යැයි යෝජනා කිරීම හාස්‍යයට කරුණක් බව සමගි ජන බලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පත්වීම සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් ‘දිවයින’ කළ විමසීමේ දී ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

පළාත් පාලන ආයතනවල මාර්ගෝපදේශවල නගරාධිපති පත්කිරීමේ දී රහස් ඡන්දයක් පැවැත්විය යුතු ද විවෘත ඡන්දයක් පැවැත්විය යුතු ද යන්න සඳහන් කර තියෙනවා. එහිදී ඒ ගැන සභාවෙන් විමසීමක් කළ යුතු වුවත් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය එම අවස්ථාවට සහභාගි වූ අවස්ථාවේ සිට රහස් ඡන්දයක් පැවැත්විය යුතුයි යන තීරණයේ සිටියා.

පෙරේදා (15දා) වෙනකම් ජාතික ජන බලවේගයට සිටියේ සභිකයන් 52ක් පමණයි. ඔවුන්ට බහුතරයක් නැති බව දැනගෙන හිටිය නිසයි ඔවුන් පළාත් පාලන කොමසාරිස්වරියට විවිධ බලපෑම් කරලා මන්ත්‍රීවරුන්ට විවිධ දේවල් දීලා රහස් ඡන්දයක් පවත්වලා ජයග්‍රහණය කරගත්තේ. අපිට තියෙන ප්‍රශ්නය තමයි ජනතා විමුක්ති පෙරමුණේ අය බලයට පැමිණිමට පෙර රහස් ඡන්දවලට විරුද්ධයි. ඔවුන් එදා කිව්වේ රහස් ඡන්ද තියෙන එක වැරදියි, යම් තීන්දු තීරණයක් ගැනීමේදී ඡන්දයක් පවත්වනවා නම් එයට සහාය දක්වන පිරිස් ජනතාවට දැනගැනීම සඳහා විවෘතව ඡන්ද තැබිය යුතු බවයි. එදා ඔවුන් විනිවිදභාවය ගැන කතා කළාට අද ඒ අයට ඒ විනිවිදභාවය අමතක වෙලා.

චමින්ද සිල්වා – දිවයින

Related posts

சச்சின், சேவாக்கின் சாதனையை முறியடித்த ஸ்மித்

Mohamed Dilsad

Joint Opposition to launch series of rallies against Government

Mohamed Dilsad

Registrar of Companies Department, Labour Department sign MoU

Mohamed Dilsad

Leave a Comment