Trending Newsඑසැන පුවත්දේශීය

අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සමගි ජන බලවේගයට

අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට හිමිව තිබේ. අද (12) උදෑසන පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද තුනකින් සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා සභාපතීත්වයට පත්වූ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය නිවේදනය කළාය.

අකුරණ ප්‍රාදේශීය සභාවට සභිකධුර 30ක් හිමිව තිබූ අතර, අද දින එක් අයෙකු නොපැමිණි අතර ඒ අනුව සභිකයින් 29 දෙනෙකු ඡන්දය භාවිත කළේය. සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් තාරික් අලී මහතා ඉදිරිපත් වූ අතර ඔහු ඡන්ද 13ක් හිමි කරගත්තේය.

මේ අතර උපසභාපති ධුරය සඳහා පොදුජන පෙරමුණේ චමින්ද තිලකරත්න මහතා ඡන්ද 18ක් හිමි කරගනිමින් පත්වූ අතර, ජාතික ජන බලවේගයේ වසන්ත කුමාර මහතා හිමිකර ගනු ලැබුවේ ඡන්ද 11ක් පමණි.

Related posts

මෛත්‍රීගේ සහය විජයදාස ට

Editor O

விஜய் சேதுபதியை வழிநடத்தவுள்ளார் முத்தையா முரளிதரனின்

Mohamed Dilsad

උණුසුම් තත්ත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්…

Editor O

Leave a Comment