Trending Newsඑසැන පුවත්දේශීය

ළමයින්ට එරෙහි දඬුවම් තහනම් කිරීමට සැලසුම්

ළමයින්ට එරෙහිව සිදුවන ශාරීරික දඬුවම් නීතිමය වශයෙන් තහනම් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම්  සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණින් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්,  දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස 2024-04-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, අදාළ කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් ඒ අනුව කටයුතු කිරීමට හැකි වී නැත.

ඒ අනුව, එම පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ඇති අතර, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

North Korea working on new missiles, US officials say

Mohamed Dilsad

බස්නාහිරින් ගිය පිරිසක් කුලියාපිටියේදී නිරෝධායනයට

Mohamed Dilsad

IT Gallery launches EZVIZ global smart home security solutions from Hikvision

Mohamed Dilsad

Leave a Comment