Trending Newsඑසැන පුවත්දේශීය

පොසොන් පෝයට දන්සල් 19,000ක් රට පුරා

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල් 19,185 ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය හා ‌ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය සඳහන් කරයි.

එම ලියාපදිංචි ලේඛණයට අනුව 

  • කොළඹ 944 ක්, 
  • ගම්පහ 1792 ක්, 
  • කළුතර 977 ක්, 
  • නුවර 1264 ක්, 
  • මාතලේ 812 ක්, 
  • නුවරඑළිය 352 ක්, 
  • ගාල්ල 1186 ක්, 
  • මාතර 1021 ක්, 
  • හම්බන්තොට 533 ක්, 
  • යාපනය 03 ක්, 
  • කිළිනොච්චි 03 ක්, 
  • මුලතිව් 17 ක්, 
  • වවුනියා 21 ක්, 
  • මන්නාරම 02 ක්, 
  • මඩකළපුව 09 ක්, 
  • අම්පාර 584 ක්, 
  • කල්මුණෙයි 14 ක්, 
  • ත්‍රීකුණාමලය 152 ක්, 
  • කුරුණෑගල 2114 ක්, 
  • පුත්තලම 731 ක්, 
  • අනුරාධපුර 2301 ක්, 
  • පොළොන්නරුව 650 ක්, 
  • බදුල්ල 968 ක්, 
  • මොණරාගල 716 ක්, 
  • රත්නපුර 1097 ක්, 
  • කෑගල්ල 922 ක් වශයෙන් දිවයින පුරා දන්සල් සංවිධාන කර ඇත.

“ආරක්ෂිත සහ සෞඛ්‍යාරක්ෂිත දන්සලක් සංවිධානය කිරීම සඳහා සවිස්තරාත්මක මාර්ගෝපදේශ” ශීර්ෂය යටතේ 2025.05.06 දිනැති ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබීය.

එම මාර්ගෝපදේශ මාලාව තුළ සෞඛ්‍ය බලධාරීන් සමග දන්සල් ලියාපදිංචිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තොරතුරු රැස් කිරීම, ආහාර පිළියෙල කරන්නන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව සහතික කිරීම, ආහාර හසුරුවන්නන් විසින් පිළිපැදිය යුතු අත් පිරිසිදුව තබාගැනීම හා සම්බන්ධ සනීපාරක්ෂක පිළිවෙත්, ආහාර හසුරුවන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය, භාවිත කරන අමුද්‍රව්‍ය, ආහාර පිළියෙල කිරිම, අපද්‍රව්‍ය බැහැර කිරීම, ආහාර සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය, ආහාර සනීපාරක්ෂාව සහ සුරක්ෂිත පරීක්ෂාව ආදී කරුණු ඇතුළත් කර තිබේ.

දන්සල් ක්‍රියාත්මක කිරිම ආහාර මගින් බෝවන රෝග ඇතිවීමේ අවධානම සමඟ සම්බන්ධ වී ඇති බවත්, ප්‍රධාන වශයෙන් නුසුදුසු ආහාර සැකසීමේ ක්‍රම, නුසුදුසු ගබඩා කිරීම සහ සනීපාරක්ෂක පිළිවෙත් නොමැති කම ඊට හේතු සාධක වන බවත්, නිසි ආහාර සනීපාරක්ෂක පිළිවෙත් සහතික කිරිම මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සදහා අත්‍යාවශ්‍ය බවත් ආරක්ෂිත සහ සෞඛ්‍ය ආරක්ෂිත දන්සලක් සංවිධානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Related posts

මාස 06යි ඩෙංගු රෝගීන් 56887යි

Mohamed Dilsad

මුත්තියන්කට්ටු රක්ෂිතයේ අතරමන් වු වෛද්‍ය සිසුන් සොයාගනී

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපති චීනයේ සංචාරයක

Editor O

Leave a Comment