Trending Newsඑසැන පුවත්දේශීය

කොතලාවල වෛද්‍යපීඨයේ ගැටළුව පිටුපස සිටින පුද්ගලයෙක් ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වසා දැමීමේ ක්‍රියාවලිය පිටුපස කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සම්බන්ධ තීරණය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමට පෙර මෙරට සිටින විදෙස් විශ්වවිද්‍යාලවල ඒජන්තවරු එම තීරණය ගැන දැනුවත්ව සිට ඇති අතර ඔවුන් ඇතැම් දෙමව්පියන්ටද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් විදෙස් විශ්වවිද්‍යාල වෙත අයදුම් කරන ලෙස පවසා ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ පුතුන් දෙදෙනා අධ්‍යාපනය ලබන්නේ බෙලරුස් සහ රුසියාවේ වන අතර එම විශ්වවිද්‍යාලවලින් ඔවුන්ට පූර්ණ ශිෂ්‍යත්ව හිමි වී තිබෙන බවත් ඒ අනුව එම විදෙස් අධ්‍යාපන ආයතන වෙනුවෙන් උපකුලපතිවරයාත්, ආණ්ඩුවත් පෙනී සිටින බවට නලින් බණ්ඩාර මහතා පැවසීය.

Related posts

Files on LTTE and MI5 in Sri Lanka erased at UK Foreign Office

Mohamed Dilsad

උතුරේ ඉඩම් නිදහස් කිරීමේ සාකච්ඡාවක්

Editor O

சுழிபுரம் சிறுமி கொலை வழக்கின் சந்தேக நபருக்கு விளக்க மறியல்

Mohamed Dilsad

Leave a Comment