Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී කාන්තාවක භාරයේ තිබී රන් ආලේපිත T-56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පසුගිය මැයි 23 වන දින අත්අඩංගුවට ගැණින.

මේ වන විට සිද්ධියට අදාළ පරීක්ෂණවලට අනුව මැගසින් බන්ධනාගරයේ රඳවා සිටින දුමින්ද දිසානායක මහතා  අද පෙරවරුවේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

ජූනි 19 වනදා දක්වා දුමින්ද දිසානායක මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

හිටපු අමාත්‍යවරයාට අමතරව මෙම ගිනි අවි ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සහ තවත් පුද්ගලයෙකුද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.

Related posts

“Interest rates on Chinese loans to Lanka very low” – Envoy

Mohamed Dilsad

Four Police Officers interdicted

Mohamed Dilsad

உயர் தர மாணவர்களுக்கான டெப் கருவிகளை இலவசமாக வழங்கும் வேலைத் திட்டத்திற்கு அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

Leave a Comment