Trending Newsඑසැන පුවත්දේශීය

රටවල් 12ක පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි.

රටවල් 12 ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ ලියවිලි සඳහා අත්සන් තබා තිබේ. ඔහු පවසා ඇත්තේ “විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්” සහ අනෙකුත් ආරක්ෂක තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා මෙලෙස ක්‍රියා කළයුතු බවය.

එසේ තහනමට ලක් වු රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ඇක්වටෝරියල් ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි. බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන තවත් රටවල් හතක පුද්ගලයින්ට ඇතුළුවීම අර්ධ වශයෙන් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සිය X ගිණුමේ වීඩියෝවක් පලකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ “අපට හානියක් වෙනවාට කැමැත්තෙන් සිටින පුද්ගලයින්ට අපගේ රටට ඇතුළු වීමට අපි ඉඩ දෙන්නේ නෑ,” යනුවෙනි.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ අදාළ ලැයිස්තුව සංශෝධනය විය හැකි බවත් එම ලැයිස්තුවට තවත් රටවල් එකතු විය හැකි බවත්ය. මෙම ක්‍රියාමාර්ග 2025 ජුනි 09 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එම දිනයට පෙර නිකුත් කරන ලද වීසා අවලංගු නොකරන බව නියෝගයේ සඳහන් වේ.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළද බහුතර මුස්ලිම් රටවල් හතක සංචාරකයින් සඳහා තහනමක් ප්‍රකාශයට පත් කළ අතර, ට්‍රම්ප්ගෙන් පසු බලයට පත් වූ  හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් 2021 දී එම තහනම අවලංගු කළේය.

Related posts

සහල් හිඟයක් ?

Mohamed Dilsad

Two schoolboys drowned attempting to take selfie in river

Mohamed Dilsad

කොරෝනා අසාදනය වූ තවත් රෝගියෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment