Trending Newsඑසැන පුවත්දේශීය

දූෂණ වංචාවලට සම්බන්ධ පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – එස්. එම්. මරික්කාර්

දූෂණ වංචාවලට සම්බන්ධ අයට නඩු දමා හිරේ දැමීම අත්‍යවශ්‍ය බවත්, එසේම ඒවා අය ගැනීමට ද කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

දූෂණය නතර කරන ආකාරයෙන්ම, පෙර කරන ලද දූෂණයන්ගෙන් අහිමි වූ මුදල් යළි රාජ්‍ය භාණ්ඩාගාරයට පවරා ගැනීමත් රජයේ වගකීමක් බව අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

දූෂණය වගේම නාස්තිය ද මේ සඳහා බලපාන බවත්, ආණ්ඩුව රිලා සංගණනයක් සිදුකළද එහි ප්‍රතිඵල තවම නිකුත් කර නොමැති බවත්, එහි නිශ්චිත අරමුණු ඉටුවී නොමැති නම්, එය ද මුදල් නාස්තියක් නොවේදැයි විමසා සිටින බවද හෙතෙම කීවේය. බහාලුම් 323 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව පිළිතුරු ලබා නොදෙන බව ඔහු සඳහන් කළා.

ආණ්ඩු මාරුවන අතරේදී ආණ්ඩුව නිවැරදි දේවල් කළොත් සෑමදාම සිටිය හැකි බව පැවසු මරික්කාර් මහතා වැරදි දේවල් සිදු කළහොත් ඒවාට වගකීමටද සිදුවනු ඇති බවද කීවේය.

Related posts

Northern Tamils commemorate victims of final stages of war

Mohamed Dilsad

மேல்மாகாண சபை உறுப்பினர் பாயிஸின் வீட்டின் மீது பெற்றோல் குண்டுத்தாக்குதல்

Mohamed Dilsad

ලොකු ලූණු තවත් ගණන් යයි

Mohamed Dilsad

Leave a Comment