Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගරය ආශ්‍රිතව රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට වැඩපිළිවෙලක්

රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම් වැඩි කිරීම සඳහා ව්‍යුහගත ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, “සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ ” (Marine Nights: Awakening Colombo) තේමාව යටතේ කොල්ලු පිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4ක් පමණ වන කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එහිදී ගාලු මුවදොර කෙලවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර 400 ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, යෝජිතව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

அதிபர் நேர்முகப் பரீட்சை 28 ஆம் திகதி

Mohamed Dilsad

අදත් තැන තැන වැසි

Mohamed Dilsad

அமைச்சரவை பேச்சாளர்கள் நியமனம்

Mohamed Dilsad

Leave a Comment