Trending Newsඑසැන පුවත්දේශීය

නවසීලන්ත නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. ඊයේ රාත්‍රියේ (24) දිවයිනට පැමිණ ඇති ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබීය.

2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වේ. විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට නියමිතය.

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා එළැඹෙන 28 වැනිදා දක්වා මෙරට නිල  සංචාරයක නිරත වීමටද නියමිතය. නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දියාව යන රටවල සංචාරය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ නිල සංචාරයෙන් අනතුරුව ඒ මහතා ඉන්දියාව සහ නේපාලය බලා පිටත්ව යාමටද නියමිතය.

Related posts

ඉන්ධන ප්‍රශ්නයේ ඇත්තම තත්ත්වය

Editor O

UPFA Special Committee to look into Provincial Council Elections

Mohamed Dilsad

தாதியர்களின் தொழிற்சங்க நடவடிக்கை இன்று காலை 8 மணியுடன் நிறைவு

Mohamed Dilsad

Leave a Comment