Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක ණයවර ලිපි විවෘත කරලා – මහ බැංකු අධිපති

වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ ණයවර ලිපි මේ වනවිට විවෘත කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇති බවය.

මෙරට ආර්ථිකය දරුණු කඩා වැටීමකට මුල පිරූ 2020 වසරේ මුල් භාගයේ සිට මෝටර් වාහන ඇතුළුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට හා සීමා පැනවීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

කෙසේවෙතත් පසුගිය සමයේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙන් පසු රජය තීරණය කළේ, අදියර තුනක් යටතේ වාහන ආනයනයට යළි අවසර ලබාදීමටය. ඒ අනුව මේ දක්වා මෙරටට ආනයනය කර ඇති වාහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා ඉහත අදහස් පළ කළේය.

Related posts

கிளிநொச்சியில் ஒருகோடி பெறுமதியான வலம்புரிச் சங்கு பிடிபட்டது

Mohamed Dilsad

දුම්රිය අවලංගුවීම නිසා සිදුවන දෛනික පාඩුව විගණනය කරන්න – රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

Editor O

මෙරට කොරෝනා මරණ ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment