Trending Newsඑසැන පුවත්දේශීය

දුර ගමන් බස් සඳහා ඉංජිනේරු වාර්තාව අනිවාර්යය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය

දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. දුරගමන් සේවා බස් රථ වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන එක් පියවරක් ලෙස මෙම තීරණයට එළෙඹි අතර කිලෝමීටර් 100ට වැඩි ගමන්වාරයක් හිමි සියලු බස් රථ එම වාර්තාව ලබාගත යුතු වේ.

ඒ අනුව එළඹෙන අගෝස්තු 01වනදා සිට එම ඉංජිනේරු වාර්තාව ලබාගැනීම අනිවාර්ය බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ. මේ අතර මගී බස් රථ සඳහා අගොස්තු 01වනදා සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර භාවිතා කිරීම ද අනිවාර්ය කරන බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය. එම මාධ්‍ය හමුවට එක්වු රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ මගී බස් රථවල සවිකර ඇති අමතර උපාංග සම්බන්ධයෙන් ජුලි පළමුවනදා සිට නීත්‍යානුකූලව කටයුතු කරන බවයි.

Related posts

காஸா யுத்த குற்றம் தொடர்பில் விசாரிக்க சர்வதேச நீதிமன்றம் முயற்சி

Mohamed Dilsad

BOI සහ EDB කර්මාන්ත ශාලා අධීක්ෂණය යටතේ පවත්වාගෙන යා හැකියි [RELEASE]

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment