Trending Newsඑසැන පුවත්දේශීය

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය ගැන දැනුම්දීමක්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මේ බව පැවසුවා.

ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව හෙට දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බව එම බලමණ්ඩලය ප්‍රකාශ කළේය. තම ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කර තිබිණ.

Related posts

Death toll from torrential rain in Japan rises to 126

Mohamed Dilsad

Six suspects arrested with 13.2 kg of dried turtle meat

Mohamed Dilsad

UK Police identifies 184 suspects in soccer abuse scandal

Mohamed Dilsad

Leave a Comment