Trending Newsඑසැන පුවත්දේශීය

විගණකාධිපති තනතුරට පිටත කෙනෙක් පත් කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා – ආචාර්යය හර්ෂද සිල්වා

විගණකාධිපති තනතුර සඳහා මේ වන තෙක් පත් කිරීමක් සිදුකර නොමැති බවත්, ඊයේ (20) ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නද ඒ පිළිබඳ අවසන් තීරණයකට මෙතෙක් පැමිණ නොමැති බව දැනගන්නට ලැබී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (21) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

හර්ෂද සිල්වා මහතා මෙසේ ද කීවේය. ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා සිටිය දී ඒ සඳහා බාහිරින් පුද්ගලයෙකු පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි. මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

“තාම විගණකාධිපතිවරයෙක් පත් කරලා නැහැ. ඊයේ කථානායකතුමාට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළාම කිව්වා, ඊයේ පත් කරනවා කියලා. දැන් අපිට ආරංචි වෙලා තිබෙනවා, පෙරේදා එක්කෙනෙක් ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා කියලා. රජයේ ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ පුද්ගලයා ඉන්දැද්දී, වෙන කෙනෙක් දේශපාලනිකව ගේන්න හදනවාද කියලා මේ ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා ආණ්ඩුවෙන්.“

“මොකද විගණකාධිපතිවරයා කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒ ස්වාධීන ආයතනයේ අපි බලාපොරොත්තු වෙන දේවල්, ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක මම වැඩි වශයෙන්ම සඳහන් කරන්නේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා හැටියට.“ යැයි ද කීවේය.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට !

Editor O

நாடளாவிய ரீதியில் அதிபர்கள் மற்றும் ஆசிரியர்கள் சுகயீன விடுமுறையில்

Mohamed Dilsad

ஜனாதிபதியின் விசேட வர்த்தமானி அறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment