Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵළ අත්හිටවූ සිසුන් ගැන පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක්

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵළ අත්හිටවූ සිසුන් සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්  මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. පසුගිය මාසයේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් වුනා.ඒ ප්‍රථිපල නිකුත් වීමේදී ළමයි 456කගේ වගේ සංඛ්‍යාවකගේ සමහර විශයයන් සම්බන්ධව සමහර ප්‍රථිපල අත්හිටුවලා තියෙනවා මොකක් හරි හේතුවක් උඩ. දැන් මේ මාසයේ 29 වැනිදාට කලින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන අයට අයෙදුම් කරන්න කියලා උසස් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දීලා තියෙනවා.

මේ වෙනකන් තවම අර අත්හිටවූ ප්‍රථිපල සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයේ ක්‍රියාමාර්ගයක් හෝ එක්කෝ ඒ ළමයින්ව අඬගහලා සම්මුඛ පරීක්ෂණත් පවත්වලා තියෙනවා. ඒ ප්‍රථිපල අත්හිටවූ ළමයින්ව විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවට කැඳවලා.

ඉතාම කෙටි කාලයයි තිබෙන්නේ. විශ්ව විද්‍යාල වලට අයැදුම් කරන්න තියෙන කාලය තව දවස් හතක් වගේ…තවම මේ ළමයින්ගේ ප්‍රථිපල අත්හිටුවලා තියාගෙන ඉන්නවා… වහාම මෙම ගැටළුව වෙත මැදිහත් වී කටයුතු කරන ලෙස මන්ත්‍රීවරයා විසින් අධ්‍යාපන අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කළේය.

මේ සඳහා පිළිතුරු ලෙස අගමැති හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය විසින් පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ, බොහෝ වෙලාවට ඒවා අත්හිටුවන්නේ විනය ක්‍රියාමාර්ගයක් නිසා. නමුත් මම ඒ යෝජනාව පිළිගන්නවා. මම මැදිහත් වෙලා වහාම මේක දෙකෙන් එකක් බේරගන්න.  එක්කෝ මේ ළමයින්ට ප්‍රථිපල නිකුත් වෙන්න . නැත්නම් යම් කාලයක් ලබා දෙන්න මම මැදිහත් වෙන්නම්

Related posts

“අපි පාරවල් හැදුවේ පෝලිමේ තබන්න නෙවෙයි” – අගමැති

Mohamed Dilsad

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා හා වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අතර හමුවක්

Editor O

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

Leave a Comment