Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකම්

අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ සලසා ඇති බවය.

අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම්  අද සිට ක්‍රියාත්මක වන බව සඳහන්ය.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මුලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙලට අනුව මෙය ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

Related posts

மருத்துவ தாதிமார்கள் இன்றும், நாளையும் நாடளாவிய ரீதியில் தொழிற்சங்க நடவடிக்கையில்

Mohamed Dilsad

BIA to introduce special immigration counters

Mohamed Dilsad

வெள்ளவத்தை கட்டிட அனர்த்தம்: வெளியாகிய அதிர்ச்சித் தகவல்

Mohamed Dilsad

Leave a Comment