Trending Newsඑසැන පුවත්දේශීය

සැප වාහන වෙන්දේසියක්

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර අද (15) පැවැත්වෙනවා.  ඒ අනුව, සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් මෙලෙස වෙන්දේසි කරනු ඇති. 

බී එම් ඩබ්ලිව් මෝටර් රථයක්, විවිධ වර්ගයේ ජීප් රථ 05ක්, මිට්ෂුබිසි මොන්ටේරෝ රථයක්, වී එයිට් රථ 06ක්, මිට්ෂුබිසි රෝසා වර්ගයේ වායු සමනය කළ බස් රථයක් ඇතුලු රථ රැසක් අද මෙලෙස වෙන්දේසි කෙරෙනවා. 

විකිණීමට නියමිත මෙම සියලු වාහන වසර 10ක් ඇතුළත නිෂ්පාදිත වාහන වන අතර මීට අදාළ මිල ගණන් කැදවීම ඊයේ අවසන් කෙරුණා. 

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී රථ 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 06ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබුවා. 

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර තිබෙනවා.

Related posts

හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩි වීමක්

Mohamed Dilsad

புதிய இராணுவ தளபதி நியமனம்

Mohamed Dilsad

වැදලා ඉල්ලනවා අපි මේක නවත්වමු – සෞඛ්‍ය ඇමතිනී

Mohamed Dilsad

Leave a Comment