Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ, බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 12 සිට 14 වෙනිදා දක්වා

බෞද්ධාලෝක වෙසක් කලාපය, බෞද්ධ සම්මේලන පරිශ‍්‍රයේදී බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කර ගනිමින් අද (12) පස්වරු 6.00 ට ආරම්භ කෙරිණ. ඒ අනුව බෞද්ධාලෝක වෙසක් කලාපය ලබන 14 වනදා දක්වා පැවැත්වේ.

මහනුවර ඓතිහාසික රටේමුල්ල රාජමහා විහාරස්ථානයෙන් වැඩම කරනු ලබන ධාතූන් වහන්සේලා ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට අලංකාර පෙරහරකින් සම්මේලන පරිශ‍්‍රයට ප.ව.6.00 ට වැඩම කරන සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා ප‍්‍රථම අෂ්ටපාන ගිලන්පස සහිත මල් පහන් පූජා කිරීමේ චාරිත‍්‍රයෙන් පසු බෞද්ධාලෝක වෙසක් කලාපයේ කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබේ.

එමෙන්ම බොරැල්ල මංසන්ධියේ සිට ගාලූපාර මංසන්ධිය දක්වා මාර්ගය දෙපස සාම්ප‍්‍රදායික අටපට්ටම් කූඩුවලින් අලංකාර වන අතර දිවයිනේ දක්‍ෂ කලා ශිල්පීන් විසින් ඉදිරිපත් කරනු ලබන අලංකාර වෙසක් පහන් කූඩු ප‍්‍රදර්ශනයෙන් හා අලංකාර තොරණකින් බෞද්ධාලෝක මාවත විචිත‍්‍රවත් ලෙස ආලෝකමත් කෙරේ.

බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවර 24 වෙනි වරට පැවැත්වෙන අතර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සමග ඒකාබද්ධව මෙම කටයුතු සංවිධානය කරයි.

Related posts

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් තරඟය අද

Mohamed Dilsad

Veteran journalist Ariyadasa Peiris bids-adieu to the nation

Mohamed Dilsad

Things are so bad in Iraq, protesters are seeing hope in porn star Mia Khalifa – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment