Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රට පුරා ලුණු හිඟයක්

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද  එය ප්‍රමාද වී ඇති බවය.

එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ගණක අමරසිංහ මහතා සඳහන් කළේය. ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරයි. කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ඇතැම් පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළකර තිබුණි.

ලුණ හිඟය ගැන පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බව ද එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Related posts

கஞ்சிபான இம்ரானுக்கு நெருக்கமான முக்கிய நபர் கைது

Mohamed Dilsad

සුදු වෑන් සිද්ධියට අදාල පුද්ගලයින් දෙදෙනා ද ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

Mohamed Dilsad

Leave a Comment