Trending Newsඑසැන පුවත්දේශීය

වෙසක් පුන් පොහෝ දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවැති පිංකම

සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් මෙවර අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය නිමිති කර ගෙන පන්නිපිටිය මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැත්වින.

මෙවර ධර්ම දේශනාව මාතර හිත්තැටිය රජමහා විහාරය, මාතර කාලිදාස පාර ශ්‍රී ආරිය ජෝතිෂ්‍යාරාමය, පිළියන්දල මඩපාත සිරි කස්සප ධර්මායතනය මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාමය යන සිවි මහා විහාරාධිපති මාතර හම්බන්තොට දෙදිසාවෙි ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්‍රහැරේ කස්සප නායක හිමියන්ගේ අනුශාසනා පරිදි මාලපල්ලේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පුජ්‍ය මැදගම මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරනු ලැබිණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

இலங்கையின் சுதந்திர கிண்ணம் இந்தியா அணிக்கு

Mohamed Dilsad

නව ආසාදිතයින් 213ක්

Mohamed Dilsad

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකීය සම්භව්‍ය ඇති ආනන්දසංගරී ට

Editor O

Leave a Comment