Trending Newsඑසැන පුවත්දේශීය

හිර ගෙවල්වල දාලා මාව නවත්තන්න බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

තමා සිරගෙදර සිටියද මෙවර පළාත් පාලන මැතිවරණයේ පුටුව ලකුණින් තරග කළ පොදුජන එක්සත් පෙරමුණට ලැබුණු ඡන්ද අතරින් ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 45,000 ක් ලැබුණේ තමාගේ දිස්ත්‍රික්කයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

තමාව සිරගෙට දැමීමට කටයුතු කළේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදී දින දෙකක් තුළ බව පැවසු චාමර මහතා, තමා එළියේ සිටියා නම් ඡන්ද 70,000 ක් ලබා ගැනීමට කටයුතු කරන බව කියා සිටියා. අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.

සිදුව ඇති පසුබෑම ආණ්ඩුව තේරුම්ගත යුතු බවත් ආණ්ඩුවේ පසුබෑම ජනතාව විසින් ඔප්පු කර ඇති බවත් ඔහු පවසා සිටියා. තමා සිරගෙදර සිටියද, පුටුවට ඡන්දය ලබාදුන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තූතිවන්ත වන බවත්, හිර ගෙවල් 50ක දැමුවත් තමාගේ ගමන නැවැත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related posts

පාසල් නිල ඇඳුම් ලැබෙන දිනය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

Woodland leads Rose by 2 at US Open

Mohamed Dilsad

Missouri’s last abortion clinic wins last-minute reprieve

Mohamed Dilsad

Leave a Comment